එළඹෙන අමෙරිකා ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුවන්ඩා ජනාධිපතිවරණය අද ආරම්භ වුණා.

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු අමාත්‍ය අතුල්ලා තරාර් අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී පෙරේදා පස්වරුවේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් සිටි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නාදුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකින් සිය ජීවිතය නූලෙන් බේරා ගත්තා.

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා, ඔලිම්පික් ශූරයන් 42 දෙනෙකු ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 405 දෙනෙකු සහභාගි කරවන බව චීනය සදහන් කර තිබෙනවා.

2024 චීන- රුසියානු ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය දකුණු චීනයේ ගුවං තුං පළාතේ දී ඇරඹේ. චාන් චියං නුවර පිහිටි යුද වරායක දී එහි සමාරම්භක උත්සවය ඊයේ (14) පැවැත්වුණා.

නයිජීරියාවේ මධ්‍යම ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා.

නයිජීරියාවේ මධ්‍යම ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා.


  ප්‍රධාන පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා.

හිරුණිකාට ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

වැසි වැඩි වෙයි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවරතු නිවේදන නිකුත් කර තිබෙනවා.

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (ජුලි මස12) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.

  නවතම පුවත්

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම සිදු කර තිබෙනවා.

  සම්බන්ධ කරන්න

© 2024 Lanka C Voice All Rights Reserved. | 
Powered By Smart eCampaign.