ඊශ්‍රාලය පැයක් තුළ එල්ල කළ ප්‍රහාර තුනකින් පලස්තීන ජාතිකයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බංග්ලාදේශයේ රජයේ රැකියා සඳහා ලබාදෙන කෝටාවට එරෙහිව පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 400 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළුව 16 දෙනෙකුගෙන් යුත් මුළු කාර්ය මණ්ඩලයම අතුරුදන් වූ බව සුල්තාන් රාජ්‍යයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

ටිබෙට් දේශයේ ජනතාවගේ අයිතිවාසිකම්වලට සහාය දැක්වීමට සහ එරට පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් ටිබෙට් අයිතිවාසිකම් පනතට ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපන පද්ධතියට සහාය දීමේ අරමුණින් එරට සිසුන් දහසකට ඉන්දීය වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් සංස්කෘතික සම්බන්ධතා සඳහා වන ඉන්දීය කවුන්සිලය කටයුතු යොදා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ශ්‍රීනගර් අගනුවර යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බංග්ලාදේශ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් එරට සිසුන් උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබෙනවා.


  ප්‍රධාන පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා.

හිරුණිකාට ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

වැසි වැඩි වෙයි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවරතු නිවේදන නිකුත් කර තිබෙනවා.

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (ජුලි මස12) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.

  නවතම පුවත්

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම සිදු කර තිබෙනවා.

  සම්බන්ධ කරන්න

© 2024 Lanka C Voice All Rights Reserved. | 
Powered By Smart eCampaign.