චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්
ඊයේ (29) බෙයිජිං අගනුවර දී එම හමුව පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ස්ථාවර හා විධිමත් චීන-ඉතාලි සම්බන්ධතාවක් දෙරටේ යහපතට ගැලපෙන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
ජාත්‍යන්තර තත්ත්වයන් කෙතරම් සංකීර්ණ වුව ද ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කෙරෙහි චීනය දක්වන සැලකිල්ල කිසිදු අයුරකින් වෙනස් වී නොමැති බව වාර්තා වනවා.
සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් ඉතාලිය ඇතුළු සෙසු රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදාගැනීමට චීනය සූදානමින් සිටින බව සදහන්.
එසේම, ඉතාලිය චීනයේ සංවර්ධන සංකල්පය අවබෝධ කරගනිමින් ඊට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං ජනාධිපතිවරයා පැවසුවා.
චීනය හා ඉතාලිය අන්‍යෝන්‍ය වශයෙන් සිය වෙළඳපොළ විවෘත කරමින් සහයෝගිතා පැවැත්වීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කළා. ආර්ථික හා වෙළඳ ආයෝජන, කාර්මික නිෂ්පාදන සහ විද්‍යා තාක්ෂණික නවෝත්පාදන ඇතුළු ක්ෂේත්‍රවල වඩාත් පුළුල් සහයෝගිතාවක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයාසඳහන් කර තිබුණා.
ලොව පැරණිතම ශිෂ්ටාචාර හිමි රටවල් දෙකක් වශයෙන් ඉතාලිය හා චීනය සැමවිටම එකිනෙකා කෙරෙහි ලැදියාව දක්වන බව ජෝජියා මෙලනි මහත්මිය එම හමුවේ දී කියා සිටියා.
වත්මන් ගෝලීය අභියෝගවලට මුහුණ දීමේ දී චීනය වැදගත් භූමිකාවක් ඉටු කරමින් සිටින අතර චීනය සතු වන ජාත්‍යන්තර තත්ත්වය හා බලපෑම් ඉතා වැදගත් කොට සලකන බවත්, චීනය සමග වඩාත් සමීප හා වඩාත් ඉහළ මට්ටමක සම්බන්ධතා පවත්වාගෙන යාමට ඉතාලිය කැමති බවත් අගමැතිනිය කියාසිටියා.
ආර්ථික, වෙළඳ, විදුලි මෝටර් රථ නිෂ්පාදන, කෘත්‍රිම බුද්ධිය හා සංස්කෘතික හුවමාරු ඇතුළු ක්ෂේත්‍රවල චීනය සමග සහයෝගිතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළා.
එකම චීනය ප්‍රතිපත්තිය ස්ථිරව අනුගමනය කරන බව ද ඉතාලි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්