කරච්චි නුවර අපරාධ 5000ක්
සින්ද් ප්‍රාන්තයේ පුරවැසි පොලිස් සම්බන්ධතා කමිටුව විසින් පසුගිය මාසයේ අපරාධ තත්ත්වය පිළිබඳ නිකුත් කළ වාර්තාවකට අනුව එම මාසයේදී කරච්චි නුවර අපරාධ 5,288ක් සිදු වී ඇති අතර, ඉන් අපරාධ 2792ක්ම යතුරුපැදි සොරකම් කිරීම් බව පාකිස්තානයේ ජියෝ නිව්ස් පුවත් සේවය වාර්තා කළා.
ඒ අතුරින් යතුරු පැදි 564ක්ම පැහැරගෙන ඇත්තේ සාමාන්‍ය පුරවැසියන්ට අවිආයුධ පෙන්වා තර්ජනය කිරීමෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සොරකම් කරනු ලැබූ යතුරුපැදි 196ක් පොලිසිය විසින් නැවත සොයා ගනු ලැබූ බව ද වාර්තා වනවා.
මීට අමතරව දින 30ක් පුරා නගරයේ විවිධ ප්‍රදේශවල වාහන 24ක් පැහැරගෙන ගොස් ඇතැයි ද, තවත් වාහන 135ක් සොරකම් කර ඇතැයි ද පුරවැසි පොලිස් සම්බන්ධතා කමිටු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
පොලිසියට ඉන් සොයා ගත හැකි වී ඇත්තේ වාහන 80ක් පමණක් බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
එම කාලය ඇතුළත කරච්චි නුවර සාමාන්‍ය ජනතාවගේ ජංගම දුරකතන 1433ක් සොරකමට ලක්වී ඇති අතර, ඒ අතුරින් පොලිසියට සොයාගත හැකි වී ඇත්තේ දුරකතන 18ක් පමණක් බව සඳහන්.
මීට අමතරව ජූනි මාසයේදී කරච්චි නුවර විවිධ ප්‍රදේශවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, කප්පම් ගැනීමේ සිදුවීම් 6ක් වාර්තා වී ඇතැයි ද සින්ද් ප්‍රාන්ත පුරවැසි පොලිස් සම්බන්ධතා කමිටු වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්