පාකිස්තානයේ ත්‍රස්ත මර්දන මෙහෙයුමක්
‘අසාම් ඊ ඉස්ටෙකම්‘ නමින් ආරම්භ කර ඇති එම මෙහෙයුම ත්‍රස්තවාදයට එරෙහිව පාකිස්තාන රජය ගත් කාලෝචිත පියවරක් වන බවත්, පාකිස්තානයේ ස්වෛරීභාවයට බලපෑම් එල්ල වීම වැළැක්වීම එහි අරමුණ බවත් එරට රජය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ පාකිස්තාන අගමැති ශෙබාස් ෂරිෆ් සහ එරට හමුදාපති ජෙනරාල් අසාමි මුනිර් පසුගියදා චීනයේ සංචාරයක නිරත වීමෙන් පසුව බව ද වාර්තා වනවා. විශේෂයෙන් පාකිස්තාන – චීන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතිය යටතේ පාකිස්තානයේ සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් ඉලක්ක කරමින් මෑත කාලයේදී සිදුවූ විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම් එම ත්‍රස්ත මර්දන මෙහෙයුම ආරම්භ කිරීමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය මාර්තු මාසයේ පාකිස්තානයේදී චීන ජාතික ඉංජිනේරුවරුන් පස්දෙනකු ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එවැනි මෙහෙයුමක අවශ්‍යතාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවී තිබුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්