කෙන්යාවේ නව බදු සැලැස්ම ඉවතට
ජාතිය අමතමින් ඔහු කියා සිටියේ කෙන්යාවේ වැසියන්ට මෙම පනත අවශ්‍ය නොවන බව පැහැදිලි වී ඇති බවයි.
රාජ්‍ය අරමුදල් සහිත කෙන්යාවේ මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම (KNHRC) පවසන පරිදි ඇතිවූ විරෝධතාවලින් පුද්ගලයින් 22 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.
ඔහු 2022 දී තේරී පත් වූ දා සිට රටෙහි ඇතිවූ විශාලතම විරෝධතාවල ඉදිරියෙන්ම සිටි තරුණයින් සමග සංවාදයකට එළඹෙන බවයි කෙන්යාවේ ජනාධිපතිවරයා පවසන්නේ.
අද (27) උදෑසන අගනුවර හරහා සහ රාජ්‍ය මන්දිරය අවට පොලිස් ආරක්ෂාව තරකර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බොහෝ කෙන්යානුවන් සමාජ මාධ්‍යවල ජනාධිපති නිල නිවසට අද පාගමනක් පවත්වන බව දැනුම් දී තිබූ නිසා මෙලෙස පොලිස් ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
උද්ඝෝෂණවල මූලික අරමුණ වූයේ පනතට අත්සන් නොකරන ලෙස ජනාධිපතිවරයාට බල කිරීමයි.
එහෙත් ඇතැම් විරෝධතාකරුවන් මේ වන විට “රූටෝ යා යුතුය” එනම් “Ruto must go” යන සටන් පාඨය සමගින් ඔහුට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීමට පටන් ගෙන තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්