මලාවි උප ජනපති ලෙස දිවුරුම් දෙයි
මලාවියේ Lilongwe අගනුවර පැවති උත්සවයක නව උප ජනාධිපතිවරයා දිවුරුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ මස මුලදී ගුවන් අනතුරකින් මියගිය හිටපු උප ජනාධිපති Saulos Chilima ගෙන් පුරප්පාඩු වූ ධුරයේ මෙලෙස දිවුරුම් දී තිබෙනවා.
Micheal Usi සිය පදවි ප්‍රාප්තියෙන් පසුව සිදුකළ කතාව සියලුදෙනාගේ ප්‍රශංසාවක් ලක්වී තිබෙනවා.
ඔහු තම පූර්වගාමියාගේ මතකයට ගරු කරන බවට පොරොන්දු වී ඇති අතර මලාවියේ පවතින සභාග ආණ්ඩුව තුළ උප සභාපති ලෙස නම් කිරීමට ඔහු කෙරෙහි විශ්වාසය තැබීම ගැන ජනාධිපති ලාසරස් චක්වේරාට ස්තුතියද පළ කළ බව සඳහන්.
කෙසේ වෙතත් ඔහුගේ පත්වීම ඇතැම් මලාවි ජාතිකයන්ගේ විවේචනයට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇතැමුන් ඔහුගේ රංගන දිවියේ ක්ලිප් සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරගනිමින් ප්‍රශ්න කරමින් සිටින්නේ ඔහු මෙතරම් ජ්‍යෙෂ්ඨ චරිතයක් භාර ගැනීමට තරම් වගකීම් දැරිය හැකි පුද්ගලයෙක්ද යන්නයි.
Micheal Usi ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන Tikuferanji හි තවමත් රඟපාන චරිතයක නම වන “Mangya” ලෙස ජනප්‍රියයි.
Dr Usi මලාවි හි චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා උද්යෝගිමත් උපදේශකයෙකුද ක්‍රියා කර තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්