විදෙස් ශ්‍රමිකයින්ට ජපානයේ ස්ථිර පදිංචිය
ඒ සඳහා වන විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු ප්‍රතිස්ථාපන පනතක් ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා.
නව පනත මගින් සංක්‍රමණ පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ, පෙර පැවති මූලික කරුණු ද, සංශෝධනය කර ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
වසර තුනක් ඇතුළත නිශ්චිත පුහුණු සේවකයකු ලෙස ජපානය තුළ රැකියා කිරීමට, විදෙස් සීමාවාසිකයින් පුහුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.
හෙද සත්කාර, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය වැනි ශ්‍රම ඌනතා පවතින ක්ෂේත්‍ර රැසක් සඳහා මේ යටතේ, විදෙස් ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතයි.
ඒ අනුව, කොන්දේසීන්ට යටත්ව, එකම ක්ෂේත්රයේ සේවා යෝජකයන් මාරු කිරීමට ද විදෙස් ශ්‍රමිකයින්ට අවසර ලැබෙන බවයි වාර්තා වන්නේ.
දැනට පවතින නීති ප්‍රකාරව, ජපානයේ රැකියාවන්හි නියුතු විදෙස් ශ්‍රමිකයින්ට, සේවා යෝජකයන් වෙනස් කිරීමට අවසර නැහැ.
නව පනත මගින්, ජපානයේ ස්ථිර පදිංචියට අවසර හිමි විදෙස් ශ්‍රමිකයින් විසින්, රජයට අය විය යුතු බදු සහ අනෙකුත් මහජන මුදල් ගෙවීම් හිතාමතා පැහැර හරින අවස්ථාවන්හිදී, ඔවුන්ගේ ස්ථිර පදිංචිය අවලංගු කිරීමට රජයට හැකියාව ලැබෙනවා.
කෙසේ වෙතත්, මෙම නීති ක්‍රියාත්මක කිරීමේ දී, අවස්ථානුකූලව, එම ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයන් සැලකිල්ලට ගෙන කටයුතු කිරීමට පියවර ගන්නා බවයි ජපන් රජය සඳහන් කළේ.
සංශෝධිත නව පනත 2027 සිට ජපානය තුළ බලාත්මක වන බවයි, එරට මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්