ඉරාන අත්අඩංගුවේ සිටි ප්‍රංශ ජාතික බැංකු උපදේශකයා නිදහස්
ප්‍රංශ බැංකු උපදේශකයෙකු වූ 30 හැවිරිදි ලුවී ආර්නෝඩ් 2022 සැප්තැම්බර් මාසයේදී ඉරානයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ රාජ්‍ය විරෝධී විරෝධතාවලට සහභාගී වීම සහ රාජ්‍ය විරෝධී ප්‍රචාරණ කටයුතු සඳහා දායක වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුව Arnaud හට 2023 දී වසර පහක සිර දඬුවමක් නියම කළ බව සඳහන්.
ප්‍රංශ ජනාධිපති Emmanuel Macron තම X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ Louis Arnaud දැන් නිදහස් යන්නයි.
Arnaudගේ නිදහස තහවුරු කර ගැනීමට ඕමානය ලබාදුන් සහය ගැන ස්තූති කළ ජනාධිපතිවරයා තවත් ප්‍රංශ සිරකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස ඉරානයෙන් ඉල්ලා තිබෙනවා.
අනෙක් තිදෙනා වන්නේ ගුරුවරියක් වන Cécile Kohler සහ ඇයගේ සහකරු Jacques Paris යන අයයි.
අනෙක් Olivier යන නම ඇති පුද්ගලයෙක් බවට තහවුරු වී තිබෙනවා.
Arnaud මහතා රඳවාගෙන සිටියේ ටෙහෙරාන් අගනුවර පිහිටි කුප්‍රකට Evin බන්ධනාගාරයේ වන අතර මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් දීර්ඝ කාලයක් තිස්සේ එය විවේචනයට ලක් කර තිබෙනවා.
පසුගිය මාස කිහිපය තුළ පැරිස් සහ ටෙහෙරානය අතර ද්විපාර්ශ්වික සබඳතා පිරිහී ඇති බැවින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
ප්‍රංශය පවසා ඇත්තේ තම පුරවැසියන් රඳවා තබා ගැනීම රාජ්‍ය ප්‍රාණ ඇපයට ගැනීම හා සමාන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්