මෝදි දිවුරුම් දෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කලාපීය රාජ්‍ය නායකයින් පිරිසක්ද පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වී සිටියා.
අප්‍රේල් මස 19 වැනිදා සිට ජූනි මස පළමුවැනිදා දක්වා අදියර 7කින් ක්‍රියාත්මක වූ ඉන්දීය මහා මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වුණේ පසුගිය ජූනි හතර වැනිදායි.
මිලියන 642ක පිරිසක් ඡන්දය භාවිත කළ මෙම මැතිවරණය ජයගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය සමත්වුණා.
ඒ ලෝක් සභාව එනම් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543න් 293ක් තමන් සතු කරගනිමින්.
මෙම ජයග්‍රහණය අතිශය සුවිශේෂී වන්නේ ඉන්දීය ඉතිහාසයේ තෙවරක් අගමැති ධුරය දැරීමට ජනවරමක් දිනූ දෙවැනි අග්‍රාමාත්‍යවරයා බවට මෝදි පත්වීම හේතුවෙන්.
මීට පෙර තෙවරක් අඛණ්ඩව ඉන්දීය අගමැති ධුරය දරා ඇත්තේ, නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා වන ජවහර්ලාල් නේරු පමණයි.
ඒ අනුව සිය තෙවැනි පදවි ප්රාප්ති දිනය අරඹමින් රාජ්ඝාත් හි පිහිටි මහත්මා ගාන්ධිතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට අගමැති නරේන්ද්‍ර මෝදි අද උදෑසන කටයුතු කළා.
අනතුරුව ඔහු භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් දෙවරක් ඉන්දීය අගමැති ධුරය දැරූ අතල් බිහාරි වජ්පායි ස්මාරකය වෙත ගොස් පුෂ්පෝහාර දැක්වූවා.
ඔහු ජාතික විරු ස්මාරකය වෙත ගොස් ඊට ආචාර දැක්වූයේ ඉන් අනතුරුවයි.
මෝදි අගමැති ධුරයේ තුන්වැනි වරටත් දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවර අද පැවැත්වෙන්නේ කලාපීය රටවල් රැසක රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් නවදහසකගේ සහභාගිත්වයෙන්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්