චන්ද්‍රිකා දත්ත බ්‍රසීලය පෙන්වා දෙයි
පසුගිය වසරේදී වැසි සමය ප්‍රමාද වීම, නියඟය සහ අධික වියළි කාලගුණය ලැව්ගිනි තීව්ර වීමට හේතුව වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
ලෝකයේ විශාලතම ඝර්මකලාපීය වනාන්තරය වන ඇමසන් වනාන්තරය මෙන්ම ලොව විශාලතම තෙත්බිම වන පැන්ටනල් "Pantanal" තෙත්බිමද පිහිටා ඇත්තේ බ්රසීලයේයී.
එරටින්, මෙම වසරේ මේ දක්වා වාර්තා වි ඇති ලැව්ගිනි ආපදාවලින් පැන්ටනල් තෙත්භූමියට දැඩි හානි සිදුවී තිබෙනවා.
2023 වසරට සාපේක්ෂව පැන්ටනල් තෙත්බිම්වල ලැව්ගිනි සියයට 10කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දී තිබෙනවා.
පැන්ටනල් තෙත්බිම් කලාපය සැලකෙන්නේ ලොව ජෛව විවිධත්වයෙන් ඉහළම කලාපයක් ලෙසයි.
කෙසේ වෙතත් වසර ආරම්භයේ සිට ජුනි 05 වනදා දක්වා කාලය තුළ එම කලාපයෙන් වාර්තා වන ලැව්ගිනි ආපදා පෙර වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව සියයට 980කින් ඉහළ ගොස් ඇති බව චන්ද්‍රිකා දත්ත මගින් අනාවරණය වී තිබෙනවා.
එය 2020 වසරෙන් පසු වාර්තාවූ ඉහළම මට්ටම බව සඳහන්.
ඇමසන් වැසි වනාන්තරය මෙන්ම පැන්ටනල් තෙත්බිම් ද නිරන්තරයෙන් ලැව්ගිනි ආපදාවලට මුහුණ දෙයි.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පැන්ටනල් තෙත්බිම් පිහිටි මාතේ ග්‍රෝසෝ දු සුල් කලාපයට හදිසි පාරිසරික තත්ත්වයක්ද නිවේදනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්