ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අනිද්දා
ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් ඉරානයට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ බව සඳහන්.
ජනාධිපතිවරයාගේ අවමංගල උත්සවයේ නිල කටයුතු අද පෙරවරුවේ ඉරානයේ ටැබ්‍රිස් නගරයේදී ආරම්භ වුණා.
ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ අවමංගල උත්සවය දින 3ක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අද රාත්‍රී කාලයේදී දේහයන් ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයට ගෙන ඒමට නියමිත බව සඳහන්.
හෙට (22) පෙරවරුවේ සිට රයිසි ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ දේහයන් රැගත් අවමංගල පෙරහැරක් ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ සිට අසාදී චතුරස්‍රය වෙත ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
පසුව විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් සහභාගි වන නිල අවමංගල උත්සවය පැවැත්වෙන බව සඳහන්.
බ්‍රහස්පතින්දා දින පෙරවරුවේදී පිරිසගේ දේහයන් දකුණු කොරසාන් ප්‍රාන්තය වෙත ගෙන යනු ලබනවා.
ඒ ජනපති රයිසි, මීට පෙර අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ නියෝජිතයා ලෙස කටයුතු එම ප්‍රාන්තයේ කටයුතු කිරීම හේතුවෙන්.
ඒ අනුව දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්