ලයිබීරියාවට ප්‍රථමවරට යුද අපරාධ අධිකරණයක්
පුද්ගලයන් 250,000ක් ඝාතනය කළ සිවිල් යුද්ධ දෙකක් අවසන් වී වසර 20කටත් වැඩි කාලයකට පසුව මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
1989-2003 ගැටුම් සමූහ ඝාතන, ස්ත්‍රී දූෂණ සහ ළමා සොල්දාදුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම ඇතුළු කුරිරු ක්‍රියා ලයිබීරියාවේ සිදුවුණා.
කෙසේ වෙතත් ලයිබීරියාවේ විද්වත් විවේචකයින් මෙම අධිකරණය ආරම්භ කිරීමට විරුද්ධ වී තිබෙනවා.
ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ යුද අපරාධ අධිකරණයක් විවෘත කිරීම මගින් පැරණි තුවාල නැවත විවෘත කිරීමේ අවදානමක් ඇති බවයි.
නමුත් ප්‍රචණ්ඩත්වයේ හේතු සහ ප්‍රතිවිපාක සෙවීමට සහ යුක්තිය සහ සාමය ගෙන ඒමට මෙම අධිකරණය වැදගත් බවයි ලයිබීරියානු ජනාධිපතිවරයා පවසන්නේ.
ලයිබීරියාවේ මිත්‍ර රටවල් ද මෙම පියවර පිළිගෙන තිබෙනවා.
ලයිබීරියාවේ අමෙරිකා තානාපති කැතරින් රොඩ්‍රිගස් පවසන්නේ සිදු වූ සාහසික ක්‍රියාවන් සඳහා යුක්තිය සහ වගවීම ගෙන ඒමට ලයිබීරියාවේ ජනාධිපතිවරයා ගත් තීරණය ප්‍රශංසනීය බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්