ශ්‍රී ලංකාව විදේශ රටවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් නිල ණය හිමියන්ගේ කමිටුව ඊයේ දින අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මගින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය ස්ථායිකිරීම සම්බන්ධයෙන් සහ ප්‍රතිසංස්කරණ සහ වර්ධනය වෙත යන ගමනේදී ශ්‍රී ලංකාව විසින් ලබා ඇති ශක්තිමත් ප්‍රගතිය යැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

දකුණු පකිස්තානයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් දිනකට 30 - 40ත් අතර ප්‍රමාණයක් මිය යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පාර්ලිමේන්තුවට ගිනි තබමින් සිදුකළ මාරාන්තික විරෝධතාවලින් අනතුරුව බදු වැඩිකිරීම් ඇතුළත් මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පවසනවා.

මෙතෙක් අලෙවි වූ වටිනාම හැරී පොටර් අංගය බවට හැරී පොටර් දිය සායම් චිත්‍රයක් පත්ව තිබෙනවා.

ඉන්දීය පාර්ලි­මේ­න්තුවේ නව විපක්ෂ නාය­කයා ලෙස ඉන්දීය කොන්ග්‍ර­සයේ නායක රාහුල් ගාන්ධි පත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය පාර්ලි­මේ­න්තු­වට විපක්ෂ නාය­ක­ව­ර­යකු පත් වී ඇත්තේ වසර 10කට පසුව බව ද වාර්තා වනවා.

බොලිවියාවේ රජය පෙරළා දමා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට තැත් කළ එරට හමුදා ජෙනරාල් ජුආන් ජෝසි සුනිගා අත්අඩංගුවට ගැනීමට බොලීවියානු පොලිසිය සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පැමිණ සිටින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාට සහ මසාකෝ අධිරාජිනියට, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජිනගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ යෝජනාකින් ඉන්දීය ලෝක් සභාවේ කතානායක ධුරය සඳහා ඕම් බිර්ලා තේරීපත්වුුණා

වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් - ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


  ප්‍රධාන පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා.

හිරුණිකාට ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

වැසි වැඩි වෙයි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවරතු නිවේදන නිකුත් කර තිබෙනවා.

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (ජුලි මස12) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.

  නවතම පුවත්

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම සිදු කර තිබෙනවා.

  සම්බන්ධ කරන්න

© 2024 Lanka C Voice All Rights Reserved. | 
Powered By Smart eCampaign.